සුන්දර කොරියානු රටේ සකුරා මල් වසන්තය
ගීතයේ තේමාව වෙන්නේ සාමයේ කුමරාණෝ ලෙස ගෞරවණීය විරුදාවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තුස් සමිඳාණන්ගේ අසිරිමත් උපත පිළිබඳ නවමු අත්දැකීමක් ගෙන ඒම. ගොඩක් කිතුනු ගීත ස්වභාව දහමත් සමඟ මුසු වෙද්දි මේ ගීතය ස්වභාදමත් සමඟ මුසු කරල නත්තලේ සැබෑම අර්ථය උකහා ගනිමින් ඉදිරිපත් කරනවා.
"බාලොලි බාලොලියේ බාලොලි බාලොලියේ"
ගීතය ආරම්භයේදී ම අපගේ මනසට නැඟෙනුයේ කුඩා බිලිඳකු නලවන්නා වූ නැලවිලි ස්රූපයක්. ගීත ඛණ්ඩයක් අපගේ දෙසවන් තුළ නැඟෙත්ම ඉතා නැවුම් ප්‍රාණවත් බවක් සිතටත් කයටත් දැනෙනුයේ නිරායාසයෙන්. ලතා වල්පොල මහත්මියගේ මියුරු කටහඬින් ගැයෙන්නා වූ නිසාම එම ප්‍රාණවත් ගතිය තව තවත් ඔප් නැංවීමට හේතුවක් වෙලා තියෙනවා කියලා මට දැනෙනවා. දිළිඳු ගවලෙනක සීතල උඳුවප් මහේ ස්වභාදහම ආශ්වාදනය කර උපත ලද ජේසුස් ක්‍රිස්තුස් සමිදාණෝ අවිඳු අඳුර නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලයම කැප කරලා තියෙනවා. ඒ නිසාම ගීතවත්ව,
මිනිස් වෙසින් ආ විමුක්තියේ හඬ
මරිය මවුන් නැළවිල්ලට මුසුවන
යනුවෙන් ගායනා කරනවා. මෙකී මධුර බව කෙරෙහි ගී තනු සහ සංගීතය ප්‍රබල දායකත්වයක් සපයනවා. සංගීත භාණ්ඩවලින් නැඟෙන මියුරු හඬ නිසාම ජේසු බිළිඳා කෙරෙහි රසික මනසෙහි භක්ත්‍යාදරයක් හටගන්නවා සේම සීතල නත්තලෙ මිහිරියාව හදවත ස්පර්ශ කරමින් ගලා යනවා. නත්තලදා උපන් සාම කුමරුවාගේ දිවියේ සාමය, සංහිඳියාව, සාධාරණත්වය හා මානව හිත හිතසුව පිණිසම කැප කරමින් වංචාව, දූෂණය සහ බලකාමයට එරෙහිව අභීතව නැගී සිට කුරුසෙහි මරණයට පත්ව මානව වර්ගයා වෙත විමුක්තිය සලසා දීලා තියෙනවා. නත්තලේ සැබෑම අර්ථය මේ ගීත කණ්ඩයෙන් පේනවා
දැක දෙපස දැඩි යදම් බඳින ලද
දුක් බර වූ ජනතාව අවදි කොට
දේව දයා සම කරුණා උල්පත
බාලොලියේ ගීතයේ පදමාලාව කෙරෙහි රසික ජනයා ආකර්ෂණය වනුයේ එහි වූ සරල වින්දනාත්මක බව හේතු කොටගෙන ගෙන ය. එනමුත්, සරල පද මාලාවක් වුවත් ඉන් ඔබ්බට සිත යොමු කිරීමේ දී සංකීර්ණ බවක් ගීතය තුළින් විද්‍යාමාන වෙනවා. ජේසුතුමන් සමස්ත මානව වර්ගයා වෙනුවෙන්ම තම ජීවිතයේ කළ අපරිමිත කැපකිරීම්වල බිහිසුණු බව පදවැල් අතර සැඟවිලා තියෙනවා.
පාප අඳුර සන්තාප ඉවතලන
නව චින්තනයට මාවත හෙළි කළ
සාමය වල් වැඳී ගිය අසාධාරණය, දූෂණය රජවී නැති බැරි දුප්පත් ජනතාව පාගා දමන පාලකයින් හා ආගමික නායකයින් තුළ නව්‍ය වූ චින්තනයක් ඇති කිරීමට ජේසුතුමන් විඳි අනේක දුක්, කරදර පීඩා චිත්තරූපීව මියුරු ස්වරයෙන් ගයනා කරයි. සංෂිප්තව බාලොලියේ ගීතය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ජේසුතුමන්ගේ උපතේ පටන් ජීවිත කතාව මින් ඉදිරිපත් කරන බව හඳුනාගන්න පුළුවන්. ඉතාමත් සාර්ථක මියුරු ගීතයකි බාලොලියේ ගීතය.
වැස්ස යනු සොබාදම් මවගේ මව්කිරි යැයි කියමනක් පවතී. සොබාදහමින් උපමා රැගෙන සාහිත්‍ය කතා හා සම්බන්ධ කොට තැනූ ගීත ඉතා විශාල ප්‍රමාණයක් හමු වේ. ඉන් එක් ගීයක් ලෙස නීලා වික්‍රමසිංහයන් ගැයූ සූ සැට බරණින් සැරසීලා ගීතය හඳුන්වා දිය හැකි ය. මේ ගීතය රචනා කරන්නෙ ජයරත්න ගමගේ වන අතර සංගීතය සපයන්නේ වික්ටර් රත්නායකයන් ය. සම්භාව්‍ය සාහිත්‍ය ආශ්‍රය කරගෙන රචනා කරන ලද මෙම ගීතය මඟින් ගැඹුරු අරුතක් ගම්‍යමාන වේ. පූජාවලියේ එන විශාඛා කතා වස්තුව ගීතය සඳහා පාදක කරගෙන ඇත.
ගීතයේ ආරම්භයේ පටන් රූපකයක් ලෙස හමුවන්නේ විශාඛා සිටු දේවිය යි. විශාඛා සිටු දේවිය හා බැඳුණු කතන්දරය ලොකු කුඩා ඕනෑම කෙනෙකු මින්පෙර අසා දැනගෙන සිටිනු නො අනුමානයි. මන්දයත් කුඩා දියණියකගේ සිට තරුණියක් දක්වා සියලූ කාන්තා පාර්ශ්වයට විශාඛාවගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝ ය. විශාඛාවන් හා බැඳුණු මෙම කතන්දරය නොදන්නා අයෙකුට ගීතයේ ගීතයෙහි රචකයා විසින් දක්වා ඇති සිදු වීම නැතහොත් උපමාව නොතේරෙයි.
විශාඛා සිටු දේවියගේ කතන්දරය කෙටියෙන් විමසීම.
පූර්ණවර්ධන සිටුතුමා හට සුදුසු යුවතියක් සෙවීමට ඔහුගේ පියා බමුණන් පිරිසක් පිටත් කර හරී. මේ බමුණන් ගමින් ගමට යන අතරතුර වැසි ලකුණු පහළ වූ හෙයින් වැස්සෙන් බේරීමට එක් අම්බලමක නවාතැන් ගනියි. එහිදී තරුණියන් පිරිසක් වැස්සෙන් බේරීමට එම අම්බලමට දිව ආ අතර සූ සැට ආභරණ පැළැඳි එක් සුරූපී තරුණියක් කිසිම කලබලයකින් තොරව සන්සුන් ගමනින් එතනට පැමිණෙයි. දිව ආ තරුණියන් වැස්සෙන් බේරුන මුත් සංවරව ආ තරුණිය වැස්සට තෙමී තෙතබරිත වූ නමුත් කිසිදු කලබලයකින් තොරව පැමිණේ. ඒ තරුණිය නම් අපට හමුවන විශාඛා සිටු දේවිය යි.
එහෙම කතා පුවත පාදක කර ගනිමින් රචනා කරන මේ ගීතයේ අන්තර්ගත තේමාව විශිෂ්ට වේ. නා කපනා වැහි යන්නට බොහෝ තේරුම් තිබේ ඒ අතරින් බුදු දහමට අනුව ලෝක විනාශයට පෙර ඇඳ හැලෙන නා කපා (කප නසනා) වැස්ස යි. නැතහොත්, කල්ප විනාශ වැස්ස යි. කෙසේ වෙතත් නා කපනා වැස්සක් යනු ඉතා තද වැස්සකි. මේ ස්වභාදහමේ සංසිද්ධියත් විශාඛාවගේ කථා පුවතත් එකට මුසු කරමින් ගීතයෙන් ප්‍රකට කරන අරුත වන්නේ ස්ත්‍රියගේ කාර්යභාරය යි.
සූ සැට බරණින් සැරසීලා
නා කපනා වැසි වැටෙන වෙලේ
විශාඛා තොමෝ පැමිණි විලාසෙන්
මට ඉන්නට බෑ නිසංසලේ
විශාඛා සිටු දේවියගේ චරිතයෙන් අපට ගත හැකි ආදර්ශ බොහෝ ය. අන් සියල්ලෝම වර්ෂාවෙන් බේරීමට කලබලෙන් දිව ගියත් විශාඛාව සිය සන්සුන් ගමන් විලාසය අත් නොහරී. එනම්, ඉක්මන් ගමන කාන්තාවට උචිත නොවන නිසාය. දෙමාපියන් ගුරුවරුන් කුඩා කල සිට ම යහපත් දැරියක්, තරුණියක් හා කාන්තාවක් ලෙස තම අභිමානය ගොඩනඟා ගැනීමට අවශ්‍ය වූ මූලික අඩිතාලම දමයි.
මෙම ගීතයේ එන කතා නායිකාව පවසන්නේ නා කපනා වර්ෂාවක් ඇඳ වැටෙන අවස්ථාවේ විශාඛා සිටුදේවිය පැමිණි සංවර ගමන් විලාසෙන් ඇයට පැමිණෙන්නට නොහැකි බවයි. එම නිසා ඇයට අකමැත්තෙන් වුවත් දිව එන්නට සිදු වන බව මෙහිදී පවසයි. අතීත කතා කතා පුවතක් පාදක කර ගනිමින් නිර්මාණාත්මක දෘෂ්ටිකෝණයකින් කාන්තාවට සමාජයේ හිමි තැන පිළිබඳව ගීතය මඟින් සාකච්ඡාවට නතු කරයි.
එදා කුටුම්භය පමණක් ආරක්ෂා කරගෙන හිටිය කාන්තාවට වඩා ග්‍රාමීය කාන්තාවගේ කර මත වගකීම් රැසක් පැටවී තිබේ. විශාඛා සිටු දේවියට සියලු සැප සම්පත් භුක්ති විඳීමට අවශ්‍ය පරිසරය ගොඩනැගී තිබිණි. එම නිසා, ඇයට ග්‍රාමීය කාන්තාවගේ කටයුතු කිරීමට අවශ්‍ය නොවුනි. එම නිසා, විශාඛාවට ඕනෑම දෙයක් සිදු කිරීමට නිදහස් අවකාශයක් හිමිවී තිබේ. ගීතයේ කතා නායිකාවට එවැනි නිදහස් දිවි පෙවතක් ගත කළ නොහැකියි.
පමා වුණෝතින් මන්දාරම් වැහි
පලාපු දර ටික තමා දමාවී
පමා වුණෝතින් රත්ති පැටියයි
ඕවිට අයිනේ තෙමී නැහේවී
ගම්බද කාන්තාවෝ බොහෝ විට රැකියාවකට නොයෙති. පුරුෂ පක්ෂයෙන් ගෙදරට අවශ්‍ය සැපයුම් කරති. නමුත් කාන්තාවෝ අතින් නිවසේ සියලු කාර්යයන් සිදු කෙරෙති. එම වැඩ කොටස සුළුවෙන් තැකීමට නොහැකි ය. මන්ද, පුරුෂයාට වඩා කාන්තාව මහත් වූ කටයුතු රැසක් කැපවීමෙන් කරන බැවිනි. මෙහි එන කාන්තාවටත් එය එසේම ය. විශාඛාව මෙන් ඇය සෙමෙන් විත් ප්‍රමාද වුවහොත් වර්ෂාව පැමිණ පලාපු දර ටික තමා දමයි. මෙයින් යටිපෙළ අර්ථයක් ප්‍රකාශ වෙයි. එනම්, ඒ ස්ත්‍රිය නිවසේ දර පලන බව පවසයි. සාමාන්‍යයෙන් නිවසේ දර පැලීම සිදු කෙරෙන්නේ පුරුෂයා විසිනි. නමුත්, මේ නිවසේ දර පලන්නේ කාන්තාව යි. ඇතැම්විට කතා නායිකාවගේ ස්වාමි පුරුෂයා මිය ගොස් සිටිය හැකි ය. නැතිනම් දුර බැහැර රැකියාවකට ගොස් ඇත. අනෙක් කරුණ නම් රත්ති පැටියයි වැස්සට තෙමෙන බවයි. මේ සත්ත්වයන් දෙදෙනා ඒකාන්තයෙන් එල හරකුන් වේ. මී ගවයන් වැස්සට කරයි. එළ ගවයන් වැස්සට ප්‍රිය නොකරයි. අනෙක් අතට මී ගවයන්ට රත්ති නමින් ආමන්ත්‍රණය නොකරයි. මේ පවුලේ ආර්ථිකය ඇතැම් විට මේ ගවයන් මත රැඳී තිබේ. එම නිසා සියල්ලටම වඩා මේ රත්තියි පැටියයි වටින බව මෙහිදී අවධාරණය කරයි. එක් පසෙකින් දරිද්‍රතාවයෙන් පීඩා විඳින ගම්බද කුටුම්බයක් පාදක කරගනිමින් සමස්ත සමාජයෙහි කුටුම්භයන්හි ශෝකීරාව ගීතයේ රචකයා නිර්මාණාත්මක දෘෂ්ටියට හසුකර ගනී.
පමා වුණොත් දොළ දෙගොඩ තලාලා
ඒ දඬු මංකඩ අගුළු දමාවි
එහෙම උණෝතින් උපුලී චූටියි
කඳුළු වතුර බී බලා හිඳීවී
මෙහි සිටින කාන්තාව බොහෝ විට රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති බවටත් අනුමාන කිරීමට හැකි ය. නැතිනම් තම දරුවන්ට ආහාර සොයාගෙන ඒමට නිවසින් බැහැරට ගොස් ඇත. වර්ෂාව ඇඳ වැටී දොල පිටාර ගලා දොළෙන් එතෙර වීමට තිබෙන ඒ දඬු පාලම් කැඩී යාවියි ඇය බිය වෙයි. 'ඒ දඬු මංකඩ අඟුලු දමාවි' යැයි ගීතයෙන් කියවෙන්නේ එම නිසා ය. එලෙස වුවහොත්, ඇයට සිය නිවසට යාමට නොහැකි වෙයි. ඇය එනතුරු සිටිනා උපුලී සහ චූටි තනිවෙයි. උපුලී සහ චූටි යනු ඇයගේ දරුවන් වීමට පුළුවනි. නැතහොත් ඇයගේ බාල සහෝදරියන් වීමට පුළුවනි. අසන්නාට තමාට රැචි පරිදි ගීතය විඳ අරුත් වටහා ගැනීමට අවශ්‍ය නිදහස තිබේ. 'කඳුළු වතුර බී' යන්නෙන් අදහස් කරන්නේ ඇය ප්‍රමාද වුවහොත් දරුවන්ට බඩගින්නේ සිටීමට සිදුවන බව යි.
ගැමි කාන්තාවටත් නූතනයේ කාන්තාවටත් එක ම ඉරණම මෙහිදී අත් වී තිබේ. ඇතැම් විට විශාඛා සිටුදේවිය රූපකයක් ලෙස ගෙන ඉහළ පාංතික සමාජය නිරූපණය කරන්නට පුළුවනි. ඔවුන්ගේ සැපවත් ජීවිතය හා දිළිඳු වැසියන්ගේ පවුල් සංස්ථාවේ ඛේදනීය ස්වරූපය සංසන්දනාත්මකව ගෙනහැර දක්වයි. සූ සැට ආභරණ නොමැති වුවත් ලද දෙයින් සතුටු වන කඳුළු සඟවමින් සිනාසෙන කාන්තාවෝ අදටත් අප අතර සිටිති. වෙනස් වෙමින් පවතින නූතන සමාජයත් සමඟ අද කාන්තාවගේ පහසුව පිණිස බොහෝ තාක්ෂණික ශිල්ප ක්‍රම පැමිණ තිබේ. ඒවාට කාන්තාවන් හුරු වී සිටීම නිසා එදා කාන්තාවට වඩා අද කාන්තාවට කාර්යබහුලත්වයෙන් මඳක් අස්වැසිල්ලක් ලැබී තිබේ. එකල කාන්තාවන්ට විනෝද වීම සඳහා අවස්ථාවක් නොලැබුණ අතර ගෙදර දොරේ සියලුම වැඩ අධික ශ්‍රමය වැය කරමින් කිරීමට සිදු විය.
ගැහැනියක් විවාපත් වූ විට නිවසේ හා ස්වාමියාගේ හා දරුවන්ගේ වැඩ කටයුතු සොයා බලා ඉටු කිරීම බිරිඳ සතු වගකීමකි. නමුත් ඇයව මෙහෙකාරියක් ලෙස සලකා කුස්සි මුල්ලට ඇඳ දැමීම අනුමත කළ නොහැකි ය. බිරිඳගේ වැඩ කටයුතු සඳහා පුරුෂයා ද උපකාර කළ යුතුය. ජීවිතය සාර්ථකත්වය රැඳෙන්නේ එලෙස ය. ගැහැනිය අතීතයේ පටන් වැටුනේ ගේ මුල්ලට ය. ලිප් බොක්කට ය. සැප ඇත්තෝ කති. බොති. සතුටුවෙති. විශාඛා වැනි උසස් කුලයේ දියණියක් ගීතය සඳහා උපයෝගී කර ගැනීම වඩාත් ගීතය සාර්ථකත්වයට ඉවහල් වෙයි. නූතනයේ දී අතීතයේ සිටි කාන්තාවගේ කාර්යභාරය කුමක්ද යන ආකල්පය වෙනස් වෙමින් පවතී. එම ආකල්පය වෙනස් විය යුතුය.
මේ ගීතය එක් එක් කාලපරිච්ඡේදය කාන්තාවගේ කාර්යභාරය විමසන ගීතයක් ලෙසින් අර්ථ දැක්විය හැකි ය. විශාඛාවගේ කාලයේ සිටි කාන්තාවන් ද ග්‍රාමීයව ජීවත් වූ කාන්තාව ද නූතන වෙසෙන කාන්තාවන් ද යන සමස්ත කාන්තාවන්ගේ වගකීම් පිළිබඳ සංසන්දනයක් ගීතය මඟින් ඉදිරිපත් කරන බව මගේ පෞද්ගලික අදහසයි. කාන්තාවන් ජීවිතයේ මුහුණපාන විවිධාකාර වූ අත්දැකීම් ඉතා සරලව ගීතයේ පදවැල් අතරින් චිත්‍රණය කර තිබුණත් ඉන් ඔබ්බට ප්‍රකාශ වන අර්ථය ගැඹුරු වේ. සමස්ත කාන්තා පාර්ශ්වය පිළිබඳ හෙලූ යථාර්ථවාදී ඇසක් ගීතය පුරා විවර වී තිබේ. එම ඇස ඔස්සේ දැකිය හැකි පුළුල් වපසරියක් අන්තර්ගත වේ.
ගී පද රචනාවේ දී ජයරත්න ගමගේ ගී පද රචකයාට සාර්ථක ලෙස විශාඛාවන්ගේ කතා පුවත ඈදා ගනිමින් සමස්ත කාන්තාවගේ ඉරණම කුමනාකාර දැයි නිරූපණය කිරීමට හැකියාව ලැබී තිබේ. වික්ටර් රත්නායකයන් ගීතයේ සාම්ප්‍රදායික බව ඉස්මතු වන ලෙස ගී තනුව යොදයි. ප්‍රකාශ අර්ථය හා ප්‍රබල ලෙස අසන්නාට දැනෙන ලෙස භාවිතා කරයි. නීලා වික්‍රමසිංහයන් ගායනය කරන අතර ඇගේ ගායන නිසා ජනතාව ආදරෙන් වැළඳ ගත් ගීතයක් ලෙස මෙය කාගේත් ප්‍රශංසාවට බඳුන් වී තිබේ. සමස්තයක් වශයෙන් විශාඛා සිටු දේවියගේ කතා පුවත අළලා ගැඹුරු අර්ථයක් ප්‍රකට කරන සූ සැට බරණින් සැරසීලා ගීතය සාර්ථක නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැකිය.
හීන දුරුත්තේ හිරිපොද වැස්සේ පාලු සැන්දෑවක අඳුර මැදින් නුඹේ සිනා මුව හීන ගේනවා ඈත දුරක මිය ඇදුන පෙමින්