Saturday, August 14, 2021

හීනය

 


හීන දුරුත්තේ

 හිරිපොද වැස්සේ 

පාලු සැන්දෑවක 

අඳුර මැදින් 

නුඹේ සිනා මුව 

හීන ගේනවා 

ඈත දුරක මිය ඇදුන පෙමින්

හමුවෙමු දිනක



සොඳුරු සිහිනය නුඹට 

සුමුදු මල් පහස

 පිය නඟන හෙට දවස 

තබන හැම පියවරට 

උඳුල හිරු හිමිදිරිය 

දිවි අරණ වෙත සොඳුරු 

සිහිනය නුඹය 

නිලම්බර මසිත් විල 

විකසිතව එකලු කළ 

⁣ළෙන්ගතුකම හඳ නුඹය 

සසර මඟ කවදා හෝ 

නැවත හමුවෙමු 

ඉඩෝරය අහවරයි💜️



සොඳුරුතම ජීවිතය එළඹුණා විතරමයි

සිත්  දැලේ පැතුම් මල් පිපෙන්නට වෙර දරයි 

සිතේ සැනසුම සුවය අනාගත සිහිනයයි 

සුවහසක් මල් පිපෙන වසන්තය අත ළඟයි

සිනාසෙමු දැන් ඉතිං ඉඩෝරය අහවරයි 💚💚💚

මිතුදම

 


මිතුදම පියුමකි සුවඳ ඇති  

කිසිදින නොමියෙම් මිතුදම කියනු ඇති 

 මලට නටුව සේ  සැමදින හිඳිමු ඇති 

 පිපෙනා මිතුදමට පියුම කියා කියනු ඇති 

මලක් පිපී පර වෙන්නා සේ

මිතුදම නොබිඳේ කිසිසේ

හෙටත් එළිය කරන මිතු දමක් සේ 

පෑයූ එකම පුන්සඳ මිතුදම ඔබලා සේ 

හිතේ බය දුරු කළ දෙවියන් ඇතැයි මේ ලොව 

සිතා සිටියද එක එල්ලේ 

සිටිනා එකම දෙවියන් මිතුරන් වේ 

ඇවිද යමු



දෑස් කඳුළින් බොඳව මතකය

දුකට ඉකිබිඳ හැඬුව දෙනෙතට 

සිනා මල් ගෙන වැඩිය පුරහඳ

නුඹයි මගේ ලොව එකම මතකය  

ඈත අහසේ පාර බැලූ අප 

තනි තරුවකි අප අනාගතයට 

ඇවිද යමු අපි අනන්තයටම 

මල් පිපෙයි අප යනෙන මාවත 

දෑත් පටලා එබී දෑසට

ලොව දකිමු අපි 

කලු බෝලෙ යන්න ගියා 😥😥😥






















සුරතල් කලුවා දඟකම්  පෑවා 

ආදරයෙන් තුරුලට  වීලා 

වැඩියෙන් ආදරේ හිතට දැනීලා

මා අබියසම  උන්නා 

හිතුවේවත් නැති ලෙස

පුංචි කලු බෝලේ

මාව දමා 

යන්න ගියා 


 


 

ටූ ටූ බබා






















අපේ අක්කගේ බබා හරිම සුරතලියක්. ඇයට ආදරේට කියන්නේ ටූ ටූ කියලා. වයස අවුරුදු 4ක ටූ ටූ බබා දැනට මොන්ටිසෝරි යනවා. මොන්ටිසෝරියේ දෙන වැඩ කරන්න හරිම ආසයි. ඒ වගේම නැටුම් කරන්න සිංදු කියන්න හරිම දක්ෂයි. එයාට මල්ලියෙකුත් ඉන්නවා. මල්ලිගෙ නම ෂනුක. ටූ  ටූ බබා මල්ලිට හරිම ආදරෙයි. 

දවසක් මොන්ටිසෝරියෙ අවුරුදු උත්සවයක් තිබුණා. ටූ ටූ අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරිට හිටියා. අම්මා ලස්සන මල් රෙද්දක් ගෙනහල්ලා ලස්සන හැට්ටයක් මහල දුන්නා. ඒ දිනය උදා වුණ දවසෙ ටූ ටූ උදේම නැගිටලා තනියම එයාගෙ වැඩ කරගෙන ලස්සනට ලැහැස්ති උනා. වෙනදට අම්මා තමයි බත් කවන්නෙ එදා එයා තනියෙන් බත් ටික බඩ පිරෙන්න කෑවා. මල් වට්ටියක් කඩාගෙන උදෙන්ම මොන්ටිසෝරියට ගියා. අන්තිමට එයා අවුරුදු උත්සවයෙ අවුරුදු කුමාරිය වුණා.  

සුභ උපන්දිනයක් වේවා ❤️❤️❤️

 


නෙතු පුරා හිනහෙන්න 

රෝස කුසුමක් වෙලා 

හදවතේ ලැඟුම් ගත්

සොඳුරු කවියක් වෙලා 

ජීවිතයේ තනි කමට 

සිකුරු තරුවක් වෙලා 

ළඟ ඉන්න හැමදාම 

හොඳම මිතුරිය වෙලා 


නිල්වන් සුපුන් සඳ නැඟ එන

වෙලාවක 

සංගීතයක් ඇසුනා

බටනලාවක 

ඔටෝ පොතේ පිටු පෙරලෙන වෙලාවක 

මාවත මතක් වේවිද

හුදකලාවක ❤️❤️❤️

Saturday, August 7, 2021

වෙච්ච දෙයක්





  නෑමට පෙර ලබාගත්ත ජායාරූප කිහිපයකි. 😁 

අසල්වැසි නිවසක මිතුරියක් හා මිතුරෙකු  සමඟ මම නාන්න ගඟට ගියා. අවට පරිසරය කළුවර කරමින් වැසි පොඳ වැටෙන්නට වුණා. රෙදි සෝදා අවසන් කර අපි ගඟට බැස විනෝද වෙමින් දිය නාන්න වුණා. මේ අතරතුර ඈතින් පෙනෙන කඳු යායට වැසි ඇඳ හැලී ගඟ උතුරා ගලන්නට වුණා. අපි වතුර යට නාමින් සිටියදී දිය පහර විත් අපිව අරගෙන ගල්වල හප්පමින් ගඟ පහළට ඇඳ ගෙන ගියා. බොහොම අමාරුවෙන් අසල තිබුණු ගසක එල්ලිලා අතක් පයක් නොකැඩී බේරුනා. 😒 නෑම කෙසේ වෙතත් ඊළඟට අපි ඉස්පිරිතාලෙට ගියා තුවාලවලට බෙහෙත් දාගන්න. මෙන්න මෙහෙමයි අපි නාගෙන ගෙදර ගියේ ඉතිං 🤣 නාන්න ගිය අපිට වෙච්ච දෙයක් 🤭

සිතිවිලි

 


                   තනිකමක් ඇත කවුරුවත් නොදන්න
                   කියාගනු  නොහැකිව ලතවෙමි තවම 
                   ජීවන කතරේ කිසිවෙකුත් නොදකින
                   තැනක් තිබුණේ සිතක් සනසන


හන්තානට පායන හඳ ලස්සනයිද බලන්න

 


Friday, August 6, 2021

බලාපොරොත්තුව

 


                   ජීවිතේ හැම වේදනාවක්ම ඇති වෙන්න 

                              බලාපොරොත්තුවක්

                                     හේතුවක් වෙනවා



දැහැන

 


දිය ඇලි ගංගා ගලා බසින්නේ 
රත් රන් ගොයමින් කෙත දිලිසෙන්නේ 
මල් පිපිලා  මුළු ලොව බබළන්නේ  සොබාදහමේ අසිරියයි පෙනෙන්නේ 

කුරුලු රෑන් අහසේ ඉඟිලෙන්නේ 
හිරු පායා ලොව එළිය වැටෙන්නේ 
සිසිල් සුළං ඇඳ වැටෙමින් යන්නේ 
සොබාදහමේ අසිරියයි පෙනෙන්නේ 

සියොතුනි

 


සිහිනෙන් ඇඳෙනා රූ පෙළ මැඳ

ඔබ සිටියා

යොත්  මුදුනින් තටු සළලා නිලඹර

එකදු කලා 

තුඩ තුඩ ගී මුමුණා 

මුළු ලොව 

නින්නාද කළා  නිදහස ලද මිනිසා ඔබ 

මිහිතලයෙන් පිටත් කළා

Thursday, August 5, 2021

නමදිමි සමිඳු පූජාවෙන්

🙂 කිරි පිඬු පූජාව 




                             පාරිසුද්දේන වන්තේන

                             පායාසේන සුගන්ධිනා 

                             භගවන්තං අරහන්තං 

                             සන්තිලභාය පූජයේය 🙏🙏🙏


🙂 ඖෂධීය කැඳ පූජාව 


                        අධිවාසේතු නෝ භන්තේ 

                        තරලං පරිකප්පිතං

                        අනුකම්පං උපාදාය 

                        පතිගණ්හාතු මුත්තමං 🙏🙏🙏


🙂 අට විසි බුදුරජාණන් වහන්සේලාට කිරි ආහාර පූජාව 



         අට්ඨවීසති බුද්ධානං  -  දේමි පූජේමි සාදරං


🙂 අෂ්ටපාන පූජාව 



                         අධිවාසේතු නෝ භන්තේ  

                         අට්ඨ පානීයං ඉමං 

                         අනුකම්පං උපාදාය 

                         පතිගණ්හාතු මුත්තමං 🙏🙏🙏




ඇය යන්න ගියා මැකිලා

හඬට ප්‍රාණය 


                  හඬ මුසුව : සෙව්වන්දි ප්‍රසාදිකා 

සාම්ප්‍රදායික සිංහල නාට්‍යයන්හි දැකිය හැකි මූලික ලක්ෂණ


සොකරි, කෝලම්, නාඩගම් සාම්ප්‍රදායික සිංහල නාට්‍ය වශයෙන් සලකනු ලැබේ. මේවා කවදා කෙසේ ආරම්භ වූයේ ද යන්න නිශ්චිත නොවෙතත් සොකරි වඩාත් පැරණි රංග සම්ප්‍රදාය බව පොදු විද්වත් පිළිගැනීම වේ. මෙම රංග සම්ප්‍රදායන් අතර සමානතා රැසක් පිළිබිඹු ය.

🙂 එළිමහන් රංග පීඨයක රංග ගත කිරීම.

කෝලම් සහ සොකරි ගොයම් පාගා අවසන් වූ පසු කමතක හෝ ගෙමිදුලක රංග ගත කෙරුණි. මේ සියල්ලම නාඩගම් සඳහා පස්ගොඩ කර සකසා ගත් වෘත්තාකාර රංග පීඨයක් භාවිතා කෙරිණි. මේ සියල්ල එළිමහනේ රඟදැක්වීම විශේෂයි. සිංහල නාට්‍ය සම්ප්‍රදාය අතීතයේ දී රංග ශාලාවල රඟ නොදැක්වූ බවක් මෙයින් අදහස් නොකෙරේ. පරාක්‍රමබාහු රජතුමා රංග ශාලා පහක් ඉදිකළ බව අමතක නොකළ යුතු වේ. 

🙂 පුරා රාත්‍රියක් මුළුල්ලේ රඟදැක්වීම.

🙂 නර්තනය මූලික කරගත් රංගනයක් පැවැතීම.

සොකරි නාටකය තුළ නිශ්චිත පද, කස්තිරම් අඩංගු නොවුනත් බෙර පද තාලයට අනුව රඟ දක්වනු ලැබේ. ගුරුහාමි වැනි චරිත උඩරට නර්තන ශිල්පියෙකු රඟ දක්වන නැටුම් විලාශයට සමාන රංගනයක් ඉදිරිපත් කරනු ලැබේ. සොකරියෙහි ශාස්ත්‍රීය රංග විලාසය ඇතුළත් නොවූවද කෝලම් සහ කවි නළුවේ ශාස්ත්‍රීය පදනමක පිහිටා ඉදිරිපත් කරන රංගනයක් දැක ගත හැකි ය.

🙂 ස්ත්‍රී චරිත ඇතුළු සියලු භූමිකා පිරිමින් විසින් රඟ දැක්වීම.

තත් නාට්‍ය සම්ප්‍රදායන් තුනෙහි ම ස්ත්‍රී භූමිකා පවා පිරිමින් විසින් රඟදක්වන ලැබේ. නමුත් ඉන් අදහස් කරන්නේ අතීතයෙහි ස්ත්‍රීන් රංග කටයුතුවල නිරත නොවූ බවක් නොවේ. වෘත්තීය නිළියන් පවා සිටි බව අමතක කළ යුතු නැත.

🙂 නාට්‍ය කථකයා නැතිනම් පොතේ ගුරුගේ චරිතය දක්නට ලැබීම.

වේදිකාවට පැමිණ චරිත හඳුන්වාදීම හා වේදිකාවේ රඟ නොදක්වන සිද්ධි විස්තර කරමින් රංගනය මෙහෙයවීම කථකයාගේ කාර්යභාරය වේ. මේ කථකයාගේ භූමිකාව සොකරියේ දී ගුරුන්නාන්සේ ලෙස ද, කවි නළු වෙහි පොතේ ගුරු ලෙස ද, කෝලමේ දී සභාපති හෙවත් කාරිය කරවන රාළ ලෙසින් ද හඳුන්වනු ලැබේ.

🙂 ඉෂ්ඨ දේවතා නමස්කාරය.

සොකරියේ දී ත්‍රිවිධ රත්නය ද, කවි නළුව හා කෝලමේ ද ත්‍රිවිධ රත්නයට අනුව ඉශ්ඨ දේවතා නමස්කාර සිදු වේ. ත්‍රිවිධ රත්නයට අමතරව හින්දු හා බෞද්ධ දෙවිවරු නමස්කාරයක් ආරම්භයේ දී දක්නට ලැබේ. ඇතැම් විට ක්‍රිස්තු ආගමික මූලයන් සමඟ සමහර කවි නළු ක්‍රිස්තියානි ආගමට අනුව ඉශ්ඨ දේවතා නමස්කාරය සිදු කරන අයුරු දැකගත හැකි ය. 

🙂 සම්ප්‍රදායන් තුනෙහි ම සංගීත භාණ්ඩ භාවිතා කිරීම.

මෙහිදී අවනද්ධ භාණ්ඩ යොදා ගන්නා අතර සම්ප්‍රදාය අනුව බෙර වර්ග වෙනස් වේ. සොකරියට ගැට බෙරය, දවුල, උඩක්කිය භාවිතා වන අතර කෝලම්වල ඇති පහතරට බෙරය කවි නළුවේ දී මද්දලය නැතිනම් දෙමළ බෙරය භාවිත කෙරේ.

🙂 හින්දු හෝ කවි මඟින් කතා වස්තුව විකාශනය වීම.

🙂 ගායන වෘන්ද භාවිත වීම.

🙂 රංගභූමි අලංකරණය දක්නට නොලැබීම.

කෝලම්  සහ සොකරි වෙස්මුහුණු භාවිතා වන අතර  කවි නළුවේ පමණක් වෙස්මුහුණු භාවිත නොවීම.

පූර්වෝක්ත කරුණු අනුව පෙනී යන්නේ සාම්ප්‍රදායික සිංහල නාට්‍ය එකම මූලයකින් පැවත එන බව යි. මේවාට පාදක වන්නට ඇත්තේ සංස්කෘත නාට්‍ය සම්ප්‍රදාය බව ඇතැම් විද්වතුන්ගේ මතයයි.



Wednesday, August 4, 2021

නිදහස

 


                                       පියඹා නිදහසේ 

                                      ජීවිතේ විඳින්නේ 

                                    කොටුවෙලා ජීවිතේ 

                                     කුමට අපි විඳින්නෙ 

                                    පුළුවන් හැමවෙලේ 

                                     නිදහසයි විඳින්නේ 

                                       ආදරෙන් ජීවිතේ 

                                   සැමදිනේ ගෙවෙන්නේ 

                                   කඳුළු අතරින් සිනාසීලා 

                                     ජීවිතේ අපි විඳින්නේ 

                                ගත කරන බව අපි  ජීවිතේ 

                                      එවිටමයි දැනෙන්නෙ 

වෙසක් රාත්‍රිය

 


             වෙසක් සඳේ සඳ රැස් නම් තවම ඇතේ

             නිදාගන්න  නිදි දෙව්දුව පැමිණ ඇතේ

             පරිසරයට මහන්සීලු හුඟක් අනේ 

             නිසල වෙන්න ඉඩක් දෙමුද යාලුවනේ 

උදය


 

                          වැස්ස ටිකක් අඩු වෙලා 

                          ඉර මාමා නැඟිටලා 

                         අපි හැමෝම අලස නොවී

                         උදෑසනින් නැඟිටලා

                         දවසේ වැඩ ඔක්කොම ටික 

                         සතුටින් කරමු හිනහිලා 



කොරෝනා

 


             දිනෙන් දිනම වැඩි වෙයි දැන් කොරොනාව

             මිනිසුන් හුඟක් පිළිගනී දැන් කොරෝනාව

             පරිස්සමින් ජීමත් වෙමු දැන් සැවොම

            කොරොනාව පරදමු යුතුකම් කර සැවොම



හවස

 


         මදුරුවන් දැන් සෙමින් සෙමින් ඇදෙන්නේ

        අඳුර වැටෙන බව අප හට පවසන්නේ 

        හිරු මාමා වැඩ නිමවී මුහුදෙ ගිලෙන්නේ 

        සොඳුරු  හවසකි මේ පරිසරය මවන්නේ 

රස මතක

වටලප්පන් 


 පැස්තා


ලැවරිය


පෑන් කේක් 


කොත්තු 


කිරි ටොෆි


පීසා


කට්ලට් 


එග් බන්ස්


සුදු පෑන් කේක් 















අබුද්දස්ස කාලෙ සයිප්‍රාස්🤣😅

ඔන්න යාලුවනේ මගේ උපන්දිනයට මමම සැරසිලි කරලා මමම කේක් එක කපලා මමම කෑවා. ඔයාලටත් ඕනිද ?

මෙන්න මට හම්බුන තෑගි 😍😁

                         





හීනය

  හීන දුරුත්තේ  හිරිපොද වැස්සේ  පාලු සැන්දෑවක  අඳුර මැදින්  නුඹේ සිනා මුව  හීන ගේනවා  ඈත දුරක මිය ඇදුන පෙමින්