සොකරි, කෝලම්, නාඩගම් සාම්ප්‍රදායික සිංහල නාට්‍ය වශයෙන් සලකනු ලැබේ. මේවා කවදා කෙසේ ආරම්භ වූයේ ද යන්න නිශ්චිත නොවෙතත් සොකරි වඩාත් පැරණි රංග සම්ප්‍රදාය බව පොදු විද්වත් පිළිගැනීම වේ. මෙම රංග සම්ප්‍රදායන් අතර සමානතා රැසක් පිළිබිඹු ය.
🙂 එළිමහන් රංග පීඨයක රංග ගත කිරීම.
කෝලම් සහ සොකරි ගොයම් පාගා අවසන් වූ පසු කමතක හෝ ගෙමිදුලක රංග ගත කෙරුණි. මේ සියල්ලම නාඩගම් සඳහා පස්ගොඩ කර සකසා ගත් වෘත්තාකාර රංග පීඨයක් භාවිතා කෙරිණි. මේ සියල්ල එළිමහනේ රඟදැක්වීම විශේෂයි. සිංහල නාට්‍ය සම්ප්‍රදාය අතීතයේ දී රංග ශාලාවල රඟ නොදැක්වූ බවක් මෙයින් අදහස් නොකෙරේ. පරාක්‍රමබාහු රජතුමා රංග ශාලා පහක් ඉදිකළ බව අමතක නොකළ යුතු වේ.
🙂 පුරා රාත්‍රියක් මුළුල්ලේ රඟදැක්වීම.
🙂 නර්තනය මූලික කරගත් රංගනයක් පැවැතීම.
සොකරි නාටකය තුළ නිශ්චිත පද, කස්තිරම් අඩංගු නොවුනත් බෙර පද තාලයට අනුව රඟ දක්වනු ලැබේ. ගුරුහාමි වැනි චරිත උඩරට නර්තන ශිල්පියෙකු රඟ දක්වන නැටුම් විලාශයට සමාන රංගනයක් ඉදිරිපත් කරනු ලැබේ. සොකරියෙහි ශාස්ත්‍රීය රංග විලාසය ඇතුළත් නොවූවද කෝලම් සහ කවි නළුවේ ශාස්ත්‍රීය පදනමක පිහිටා ඉදිරිපත් කරන රංගනයක් දැක ගත හැකි ය.
🙂 ස්ත්‍රී චරිත ඇතුළු සියලු භූමිකා පිරිමින් විසින් රඟ දැක්වීම.
තත් නාට්‍ය සම්ප්‍රදායන් තුනෙහි ම ස්ත්‍රී භූමිකා පවා පිරිමින් විසින් රඟදක්වන ලැබේ. නමුත් ඉන් අදහස් කරන්නේ අතීතයෙහි ස්ත්‍රීන් රංග කටයුතුවල නිරත නොවූ බවක් නොවේ. වෘත්තීය නිළියන් පවා සිටි බව අමතක කළ යුතු නැත.
🙂 නාට්‍ය කථකයා නැතිනම් පොතේ ගුරුගේ චරිතය දක්නට ලැබීම.
වේදිකාවට පැමිණ චරිත හඳුන්වාදීම හා වේදිකාවේ රඟ නොදක්වන සිද්ධි විස්තර කරමින් රංගනය මෙහෙයවීම කථකයාගේ කාර්යභාරය වේ. මේ කථකයාගේ භූමිකාව සොකරියේ දී ගුරුන්නාන්සේ ලෙස ද, කවි නළු වෙහි පොතේ ගුරු ලෙස ද, කෝලමේ දී සභාපති හෙවත් කාරිය කරවන රාළ ලෙසින් ද හඳුන්වනු ලැබේ.
🙂 ඉෂ්ඨ දේවතා නමස්කාරය.
සොකරියේ දී ත්‍රිවිධ රත්නය ද, කවි නළුව හා කෝලමේ ද ත්‍රිවිධ රත්නයට අනුව ඉශ්ඨ දේවතා නමස්කාර සිදු වේ. ත්‍රිවිධ රත්නයට අමතරව හින්දු හා බෞද්ධ දෙවිවරු නමස්කාරයක් ආරම්භයේ දී දක්නට ලැබේ. ඇතැම් විට ක්‍රිස්තු ආගමික මූලයන් සමඟ සමහර කවි නළු ක්‍රිස්තියානි ආගමට අනුව ඉශ්ඨ දේවතා නමස්කාරය සිදු කරන අයුරු දැකගත හැකි ය.
🙂 සම්ප්‍රදායන් තුනෙහි ම සංගීත භාණ්ඩ භාවිතා කිරීම.
මෙහිදී අවනද්ධ භාණ්ඩ යොදා ගන්නා අතර සම්ප්‍රදාය අනුව බෙර වර්ග වෙනස් වේ. සොකරියට ගැට බෙරය, දවුල, උඩක්කිය භාවිතා වන අතර කෝලම්වල ඇති පහතරට බෙරය කවි නළුවේ දී මද්දලය නැතිනම් දෙමළ බෙරය භාවිත කෙරේ.
🙂 හින්දු හෝ කවි මඟින් කතා වස්තුව විකාශනය වීම.
🙂 ගායන වෘන්ද භාවිත වීම.
🙂 රංගභූමි අලංකරණය දක්නට නොලැබීම.
කෝලම් සහ සොකරි වෙස්මුහුණු භාවිතා වන අතර කවි නළුවේ පමණක් වෙස්මුහුණු භාවිත නොවීම.
පූර්වෝක්ත කරුණු අනුව පෙනී යන්නේ සාම්ප්‍රදායික සිංහල නාට්‍ය එකම මූලයකින් පැවත එන බව යි. මේවාට පාදක වන්නට ඇත්තේ සංස්කෘත නාට්‍ය සම්ප්‍රදාය බව ඇතැම් විද්වතුන්ගේ මතයයි.
No comments:
Post a Comment