හීන දුරුත්තේ
හිරිපොද වැස්සේ
පාලු සැන්දෑවක
අඳුර මැදින්
නුඹේ සිනා මුව
හීන ගේනවා
ඈත දුරක මිය ඇදුන පෙමින්
හීන දුරුත්තේ
හිරිපොද වැස්සේ
පාලු සැන්දෑවක
අඳුර මැදින්
නුඹේ සිනා මුව
හීන ගේනවා
ඈත දුරක මිය ඇදුන පෙමින්
සොඳුරු සිහිනය නුඹට
සුමුදු මල් පහස
පිය නඟන හෙට දවස
තබන හැම පියවරට
උඳුල හිරු හිමිදිරිය
දිවි අරණ වෙත සොඳුරු
සිහිනය නුඹය
නිලම්බර මසිත් විල
විකසිතව එකලු කළ
ළෙන්ගතුකම හඳ නුඹය
සසර මඟ කවදා හෝ
නැවත හමුවෙමු
සොඳුරුතම ජීවිතය එළඹුණා විතරමයි
සිත් දැලේ පැතුම් මල් පිපෙන්නට වෙර දරයි
සිතේ සැනසුම සුවය අනාගත සිහිනයයි
සුවහසක් මල් පිපෙන වසන්තය අත ළඟයි
සිනාසෙමු දැන් ඉතිං ඉඩෝරය අහවරයි 💚💚💚
මිතුදම පියුමකි සුවඳ ඇති
කිසිදින නොමියෙම් මිතුදම කියනු ඇති
මලට නටුව සේ සැමදින හිඳිමු ඇති
පිපෙනා මිතුදමට පියුම කියා කියනු ඇති
මලක් පිපී පර වෙන්නා සේ
මිතුදම නොබිඳේ කිසිසේ
හෙටත් එළිය කරන මිතු දමක් සේ
පෑයූ එකම පුන්සඳ මිතුදම ඔබලා සේ
හිතේ බය දුරු කළ දෙවියන් ඇතැයි මේ ලොව
සිතා සිටියද එක එල්ලේ
සිටිනා එකම දෙවියන් මිතුරන් වේ
දෑස් කඳුළින් බොඳව මතකය
දුකට ඉකිබිඳ හැඬුව දෙනෙතට
සිනා මල් ගෙන වැඩිය පුරහඳ
නුඹයි මගේ ලොව එකම මතකය
ඈත අහසේ පාර බැලූ අප
තනි තරුවකි අප අනාගතයට
ඇවිද යමු අපි අනන්තයටම
මල් පිපෙයි අප යනෙන මාවත
දෑත් පටලා එබී දෑසට
ලොව දකිමු අපි
සුරතල් කලුවා දඟකම් පෑවා
ආදරයෙන් තුරුලට වීලා
වැඩියෙන් ආදරේ හිතට දැනීලා
මා අබියසම උන්නා
හිතුවේවත් නැති ලෙස
පුංචි කලු බෝලේ
මාව දමා
යන්න ගියා
අපේ අක්කගේ බබා හරිම සුරතලියක්. ඇයට ආදරේට කියන්නේ ටූ ටූ කියලා. වයස අවුරුදු 4ක ටූ ටූ බබා දැනට මොන්ටිසෝරි යනවා. මොන්ටිසෝරියේ දෙන වැඩ කරන්න හරිම ආසයි. ඒ වගේම නැටුම් කරන්න සිංදු කියන්න හරිම දක්ෂයි. එයාට මල්ලියෙකුත් ඉන්නවා. මල්ලිගෙ නම ෂනුක. ටූ ටූ බබා මල්ලිට හරිම ආදරෙයි.
දවසක් මොන්ටිසෝරියෙ අවුරුදු උත්සවයක් තිබුණා. ටූ ටූ අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරිට හිටියා. අම්මා ලස්සන මල් රෙද්දක් ගෙනහල්ලා ලස්සන හැට්ටයක් මහල දුන්නා. ඒ දිනය උදා වුණ දවසෙ ටූ ටූ උදේම නැගිටලා තනියම එයාගෙ වැඩ කරගෙන ලස්සනට ලැහැස්ති උනා. වෙනදට අම්මා තමයි බත් කවන්නෙ එදා එයා තනියෙන් බත් ටික බඩ පිරෙන්න කෑවා. මල් වට්ටියක් කඩාගෙන උදෙන්ම මොන්ටිසෝරියට ගියා. අන්තිමට එයා අවුරුදු උත්සවයෙ අවුරුදු කුමාරිය වුණා.
නෙතු පුරා හිනහෙන්න
රෝස කුසුමක් වෙලා
හදවතේ ලැඟුම් ගත්
සොඳුරු කවියක් වෙලා
ජීවිතයේ තනි කමට
සිකුරු තරුවක් වෙලා
ළඟ ඉන්න හැමදාම
හොඳම මිතුරිය වෙලා
නිල්වන් සුපුන් සඳ නැඟ එන
වෙලාවක
සංගීතයක් ඇසුනා
බටනලාවක
ඔටෝ පොතේ පිටු පෙරලෙන වෙලාවක
මාවත මතක් වේවිද
හුදකලාවක ❤️❤️❤️
නෑමට පෙර ලබාගත්ත ජායාරූප කිහිපයකි. 😁
අසල්වැසි නිවසක මිතුරියක් හා මිතුරෙකු සමඟ මම නාන්න ගඟට ගියා. අවට පරිසරය කළුවර කරමින් වැසි පොඳ වැටෙන්නට වුණා. රෙදි සෝදා අවසන් කර අපි ගඟට බැස විනෝද වෙමින් දිය නාන්න වුණා. මේ අතරතුර ඈතින් පෙනෙන කඳු යායට වැසි ඇඳ හැලී ගඟ උතුරා ගලන්නට වුණා. අපි වතුර යට නාමින් සිටියදී දිය පහර විත් අපිව අරගෙන ගල්වල හප්පමින් ගඟ පහළට ඇඳ ගෙන ගියා. බොහොම අමාරුවෙන් අසල තිබුණු ගසක එල්ලිලා අතක් පයක් නොකැඩී බේරුනා. 😒 නෑම කෙසේ වෙතත් ඊළඟට අපි ඉස්පිරිතාලෙට ගියා තුවාලවලට බෙහෙත් දාගන්න. මෙන්න මෙහෙමයි අපි නාගෙන ගෙදර ගියේ ඉතිං 🤣 නාන්න ගිය අපිට වෙච්ච දෙයක් 🤭
සිහිනෙන් ඇඳෙනා රූ පෙළ මැඳ
ඔබ සිටියා
යොත් මුදුනින් තටු සළලා නිලඹර
එකදු කලා
තුඩ තුඩ ගී මුමුණා
මුළු ලොව
නින්නාද කළා නිදහස ලද මිනිසා ඔබ
මිහිතලයෙන් පිටත් කළා
🙂 කිරි පිඬු පූජාව
පාරිසුද්දේන වන්තේන
පායාසේන සුගන්ධිනා
භගවන්තං අරහන්තං
සන්තිලභාය පූජයේය 🙏🙏🙏
🙂 ඖෂධීය කැඳ පූජාව
අධිවාසේතු නෝ භන්තේ
තරලං පරිකප්පිතං
අනුකම්පං උපාදාය
පතිගණ්හාතු මුත්තමං 🙏🙏🙏
🙂 අට විසි බුදුරජාණන් වහන්සේලාට කිරි ආහාර පූජාව
අට්ඨවීසති බුද්ධානං - දේමි පූජේමි සාදරං
🙂 අෂ්ටපාන පූජාව
අධිවාසේතු නෝ භන්තේ
අට්ඨ පානීයං ඉමං
අනුකම්පං උපාදාය
පතිගණ්හාතු මුත්තමං 🙏🙏🙏
සොකරි, කෝලම්, නාඩගම් සාම්ප්‍රදායික සිංහල නාට්‍ය වශයෙන් සලකනු ලැබේ. මේවා කවදා කෙසේ ආරම්භ වූයේ ද යන්න නිශ්චිත නොවෙතත් සොකරි වඩාත් පැරණි රංග සම්ප්රදාය බව පොදු විද්වත් පිළිගැනීම වේ. මෙම රංග සම්ප්‍රදායන් අතර සමානතා රැසක් පිළිබිඹු ය.
🙂 එළිමහන් රංග පීඨයක රංග ගත කිරීම.
කෝලම් සහ සොකරි ගොයම් පාගා අවසන් වූ පසු කමතක හෝ ගෙමිදුලක රංග ගත කෙරුණි. මේ සියල්ලම නාඩගම් සඳහා පස්ගොඩ කර සකසා ගත් වෘත්තාකාර රංග පීඨයක් භාවිතා කෙරිණි. මේ සියල්ල එළිමහනේ රඟදැක්වීම විශේෂයි. සිංහල නාට්‍ය සම්ප්රදාය අතීතයේ දී රංග ශාලාවල රඟ නොදැක්වූ බවක් මෙයින් අදහස් නොකෙරේ. පරාක්‍රමබාහු රජතුමා රංග ශාලා පහක් ඉදිකළ බව අමතක නොකළ යුතු වේ.
🙂 පුරා රාත්‍රියක් මුළුල්ලේ රඟදැක්වීම.
🙂 නර්තනය මූලික කරගත් රංගනයක් පැවැතීම.
සොකරි නාටකය තුළ නිශ්චිත පද, කස්තිරම් අඩංගු නොවුනත් බෙර පද තාලයට අනුව රඟ දක්වනු ලැබේ. ගුරුහාමි වැනි චරිත උඩරට නර්තන ශිල්පියෙකු රඟ දක්වන නැටුම් විලාශයට සමාන රංගනයක් ඉදිරිපත් කරනු ලැබේ. සොකරියෙහි ශාස්ත්‍රීය රංග විලාසය ඇතුළත් නොවූවද කෝලම් සහ කවි නළුවේ ශාස්ත්‍රීය පදනමක පිහිටා ඉදිරිපත් කරන රංගනයක් දැක ගත හැකි ය.
🙂 ස්ත්‍රී චරිත ඇතුළු සියලු භූමිකා පිරිමින් විසින් රඟ දැක්වීම.
තත් නාට්‍ය සම්ප්‍රදායන් තුනෙහි ම ස්ත්‍රී භූමිකා පවා පිරිමින් විසින් රඟදක්වන ලැබේ. නමුත් ඉන් අදහස් කරන්නේ අතීතයෙහි ස්ත්‍රීන් රංග කටයුතුවල නිරත නොවූ බවක් නොවේ. වෘත්තීය නිළියන් පවා සිටි බව අමතක කළ යුතු නැත.
🙂 නාට්‍ය කථකයා නැතිනම් පොතේ ගුරුගේ චරිතය දක්නට ලැබීම.
වේදිකාවට පැමිණ චරිත හඳුන්වාදීම හා වේදිකාවේ රඟ නොදක්වන සිද්ධි විස්තර කරමින් රංගනය මෙහෙයවීම කථකයාගේ කාර්යභාරය වේ. මේ කථකයාගේ භූමිකාව සොකරියේ දී ගුරුන්නාන්සේ ලෙස ද, කවි නළු වෙහි පොතේ ගුරු ලෙස ද, කෝලමේ දී සභාපති හෙවත් කාරිය කරවන රාළ ලෙසින් ද හඳුන්වනු ලැබේ.
🙂 ඉෂ්ඨ දේවතා නමස්කාරය.
සොකරියේ දී ත්‍රිවිධ රත්නය ද, කවි නළුව හා කෝලමේ ද ත්‍රිවිධ රත්නයට අනුව ඉශ්ඨ දේවතා නමස්කාර සිදු වේ. ත්‍රිවිධ රත්නයට අමතරව හින්දු හා බෞද්ධ දෙවිවරු නමස්කාරයක් ආරම්භයේ දී දක්නට ලැබේ. ඇතැම් විට ක්‍රිස්තු ආගමික මූලයන් සමඟ සමහර කවි නළු ක්‍රිස්තියානි ආගමට අනුව ඉශ්ඨ දේවතා නමස්කාරය සිදු කරන අයුරු දැකගත හැකි ය.
🙂 සම්ප්‍රදායන් තුනෙහි ම සංගීත භාණ්ඩ භාවිතා කිරීම.
මෙහිදී අවනද්ධ භාණ්ඩ යොදා ගන්නා අතර සම්ප්රදාය අනුව බෙර වර්ග වෙනස් වේ. සොකරියට ගැට බෙරය, දවුල, උඩක්කිය භාවිතා වන අතර කෝලම්වල ඇති පහතරට බෙරය කවි නළුවේ දී මද්දලය නැතිනම් දෙමළ බෙරය භාවිත කෙරේ.
🙂 හින්දු හෝ කවි මඟින් කතා වස්තුව විකාශනය වීම.
🙂 ගායන වෘන්ද භාවිත වීම.
🙂 රංගභූමි අලංකරණය දක්නට නොලැබීම.
කෝලම් සහ සොකරි වෙස්මුහුණු භාවිතා වන අතර කවි නළුවේ පමණක් වෙස්මුහුණු භාවිත නොවීම.
පූර්වෝක්ත කරුණු අනුව පෙනී යන්නේ සාම්ප්‍රදායික සිංහල නාට්‍ය එකම මූලයකින් පැවත එන බව යි. මේවාට පාදක වන්නට ඇත්තේ සංස්කෘත නාට්‍ය සම්ප්රදාය බව ඇතැම් විද්වතුන්ගේ මතයයි.
පියඹා නිදහසේ
ජීවිතේ විඳින්නේ
කොටුවෙලා ජීවිතේ
කුමට අපි විඳින්නෙ
පුළුවන් හැමවෙලේ
නිදහසයි විඳින්නේ
ආදරෙන් ජීවිතේ
සැමදිනේ ගෙවෙන්නේ
කඳුළු අතරින් සිනාසීලා
ජීවිතේ අපි විඳින්නේ
ගත කරන බව අපි ජීවිතේ
එවිටමයි දැනෙන්නෙ
වෙසක් සඳේ සඳ රැස් නම් තවම ඇතේ
නිදාගන්න නිදි දෙව්දුව පැමිණ ඇතේ
පරිසරයට මහන්සීලු හුඟක් අනේ
නිසල වෙන්න ඉඩක් දෙමුද යාලුවනේ
වැස්ස ටිකක් අඩු වෙලා
ඉර මාමා නැඟිටලා
අපි හැමෝම අලස නොවී
උදෑසනින් නැඟිටලා
දවසේ වැඩ ඔක්කොම ටික
සතුටින් කරමු හිනහිලා
දිනෙන් දිනම වැඩි වෙයි දැන් කොරොනාව
මිනිසුන් හුඟක් පිළිගනී දැන් කොරෝනාව
පරිස්සමින් ජීමත් වෙමු දැන් සැවොම
කොරොනාව පරදමු යුතුකම් කර සැවොම
මදුරුවන් දැන් සෙමින් සෙමින් ඇදෙන්නේ
අඳුර වැටෙන බව අප හට පවසන්නේ
හිරු මාමා වැඩ නිමවී මුහුදෙ ගිලෙන්නේ
සොඳුරු හවසකි මේ පරිසරය මවන්නේ
ඔන්න යාලුවනේ මගේ උපන්දිනයට මමම සැරසිලි කරලා මමම කේක් එක කපලා මමම කෑවා. ඔයාලටත් ඕනිද ?
මෙන්න මට හම්බුන තෑගි 😍😁
හීන දුරුත්තේ හිරිපොද වැස්සේ පාලු සැන්දෑවක අඳුර මැදින් නුඹේ සිනා මුව හීන ගේනවා ඈත දුරක මිය ඇදුන පෙමින්